කෘෂිකර්මාන්තයේ අනාගත වර්තමාන අතීත සියලුම විභවයන් පිළිබඳව මෙම පාඩමේ දී සාකච්ඡා කෙරේ කෘෂිකර්මය තාක්ෂණය සංයෝජනයක් වන ආකාරය කෘෂිකර්මයේ විකාශය කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂි අංශයේ දායකත්වය වැනි පාඩම් ඒකක මෙන්ම කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත කෘෂිකාර්මික ආයතන කෘෂිකර්මය දියුණු කිරීමේ විභව පිළිබඳව මෙම පාඩම පුරාවට සාකච්ඡා කෙරේ අතීත කෘෂිකර්මයෙහි පැවතුණු තාක්ෂණයත් වර්තමාන සහ අනාගත කෘෂිකර්මාන්තයේ දියුණුව පිළිබඳ වත් මෙම පාඩමේ සාකච්ඡා කරනු ලබයි. ඉතා සංක්ෂිප්ත ලෙස කෘෂිකර්මාන්තය පිළිබඳ බොහෝ තොරතුරු මෙම පාඩම තුළ ගැබ්වී ඇත.
බෝග වගාවට බලපාන ප්‍රධානම සාධකයක් වන දේශගුණික සාධක පිළිබඳව සහ කාලගුණික සාධක පිළිබඳව මෙම පාඩමේ අධ්‍යයනය කරනු ලබයි කාලගුණික දත්ත රැස් කරන ආකාරයත් දේශගුණික කලාප වර්ගීකරණයත් ඇතුළු බොහෝ කරුණු මෙම පාඩමේදි ගැඹුරින් අධ්‍යයනය කරනු ලබයි.සියලුම දේශගුණික සාධක බෝග වගාවට එක් එක් අයුරින් බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන බැවින් බොහෝ විට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් මෙම පාඩම ඇසුරින් නිර්මාණය වී ඇත.
විශාල පාඩමක් වන මෙම පාඩම තුළදී පස නිර්මාණය පාංශු සංඝටක පාංශු සෞඛ්‍යය භෞතික ගුණාංග රසායනික ගුණාංග ජෛවීය ගුණාංග සෞඛ්‍ය පිරිහීම දියුණු කිරීම ශ්‍රී ලංකාවේ පස් කාන්ඩ වැනි පසුව සම්බන්ධ විශාල තොරතුරු රාශියක් අධ්‍යයනයට මග පාදනු ලැබේ.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමේදී දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් මෙම පාඩම ඔස්සේ යොමු කර ඇත ඒ නිසා කෘෂි විද්‍යාව හදාරන දරුවන් මෙහි ඇති සියලුම ඒකක මනා ලෙස අධ්‍යනය කර තිබීම වැදගත්ය
හොඳට පැහැදිලිව තියෙනවා සර් බොහොම ස්තූතියි මට සමහර පාඩම් අහු වෙලා තිබ්බෙ නෑ මේකෙ වීඩියෝ බැලුවට පස්සේ අමාරු තැන් හුඟක් තේරුණා.🤗🤗🥳😘
සුපිරි නියමෙටම තියෙනවා ජය වේවා...!❤️
උගන්නන වත් එක්ක දෙන අවවාද නං පට්ට. සර් මෝටිවේශන් එක දිගටම කරන්න. ඒවා ගොඩක් හිතට වදිනවා..😃😃🤩
සර්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මං පන්තිත් නැවැත්තුවා ගොඩක් ස්තුතියි සර් මේ කරන උදව්වට. අපි වගේ ගොඩක් අයට ගොඩයන්න සර් වගේ කෙනෙක් ඉන්න එක මාරම හොඳයි,🥰🥰